දේශසීමාවේ දැඩි සීතලක් -12ක් ජීවිතක්ෂයට

දේශසීමාවේ දැඩි සීතලක් -12ක් ජීවිතක්ෂයට

තුර්කිය සහ ග්‍රීසිය අතර දේශසීමා ආසන්නයේ 12 දෙනෙකු මිය ගොස් සිටියදී සොයා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Suleyman Soylu පවසා තිබෙන්නේ යුරෝපයට ඇතුළු වීමට අපේක්ෂා කරන සංක්‍රමණිකයන් බොහෝ විට භාවිතා කරන දේශසීමා නගරයක් වන ඉප්සාලා හි මොවුන් අධික සීතලෙන් මිය ගොස් තිබෙන බවයි.

මෙම සංක්‍රමණිකයන් පැමිණියේ කොහෙන්ද සහ මොවුන් අධික සීතල තත්ත්වයක් තුළ අතරමං වූයේ ඇයිද යන්න තවමත් පැහැදිලි නැති බවයි පැවසෙන්නේ.

 

Share This