දේශසීමා ආරක්ෂකයින්ට එල්ල වූ ප්‍රහාරය ත්‍රස්ත කණ්ඩායම් භාර ගත යුතුයි -ඉරාන විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්-

දේශසීමා ආරක්ෂකයින්ට එල්ල වූ ප්‍රහාරය ත්‍රස්ත කණ්ඩායම් භාර ගත යුතුයි -ඉරාන විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්-

ඉරාන – පාකිස්ථාන දේශසීමාව ආසන්නයේ දී ආරක්ෂක නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් භාර ගත යුතු බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

කිසියම් පිරිසක් විසින් දේශසීමා රාජකාරියේ නිරතව සිටි ඉරාන ආරක්ෂකයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා.

අදාළ ප්‍රහාරය හෙළා දකිමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදී කණ්ඩායම් තුරන් කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස පාකිස්ථාන රජයෙන් ඉල්ලා සිටින බවයි.

කෙසේවෙතත් මෙතෙක් ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව සඳහන්.

ඉරානය සහ පකිස්තානය අතර දේශසීමාවේ ආර්ථික ව්‍යාපෘති විවෘත කිරීමට පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shahbaz Sharif සහභාගී වීමෙන් පැය කිහිපයකට පසුව අදාළ ප්‍රහාරය එල්ල වී තිබුණා.

Share This