දේශසීමා ආරක්ෂාව තර කිරීමට බංග්ලාදේශය ගත් පියවර

දේශසීමා ආරක්ෂාව තර කිරීමට බංග්ලාදේශය ගත් පියවර

ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ දේශසීමා ආරක්ෂක හමුදාවන් විශේෂ තීරණයකට එළඹ තිබෙනවා.

ඒ, දේශසීමා මායිමේ කිලෝමීටර් 4,096 ක් තුළ සංවර්ධන ව්‍යාපෘති පහක් ඒකාබද්ධව ආරම්භ කිරීමටයි.

මේ අනුව දේශසීමා ආශ්‍රිත මාර්ග සංවර්ධනය, පාලම් ඉදිකිරීම හා දේශසීමා බැමි ශක්තිමත් කිරීමට යෝජිතයි.

ඉකුත් දා දිල්ලියෙදී පැවැති සිව් දින සාකච්ඡා සමුළුව අවසානයේදී මෙම තීරණයට එළඹ තිබෙනවා.

එහිදී ඉන්දීය හා බංග්ලාදේශ දේශසීමා ආරක්ෂක බලකායන් එකඟ වී ඇත්තේ ස්වාධීනව සහ ඒකාබද්ධව කටයුතු කර දේශසීමා මායිම් ප්‍රදේශවලදී බංග්ලාදේශ ජාතිකයන් ඝාතනයට ලක්වීම වැළැක්වීමට පියවර ගන්නා බවයි.

අපරාධකරුවන්ට සහ ජාවාරම්කරුවන් විසින් දේශසීමා ආශ්‍රිතව එල්ල කරන ප්‍රහාර සහ සිවිල් වැසියන් ඝාතනය ඉන්දියාව සහ බංග්ලාදේශයට දැඩි ගැටළුකාරී තත්ත්වයක් උද්ගත කර තිබෙනවා

Share This