දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දින පහක බැංකු නිවාඩු -විදෙස් මාධ්‍ය

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දින පහක බැංකු නිවාඩු -විදෙස් මාධ්‍ය

ඩොලර් බිලියන 42ක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ සැලසීම සඳහා ශ්‍රී ලංකාව බ්‍රහස්පතින්දා සිට දින පහක බැංකු නිවාඩුවක් ආරම්භ කර ඇති බව බිබීසී පුවත් සේවය වාර්තා කරනවා

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700 ක ආධාරයක් ලබා ගැනීම මෙයට හේතුව බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණයක් ආපසු ගෙවන කාලය දීර්ඝ කිරීමද ඇතුළත් විය හැකියි.

වැඩිදුරටත් එම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , ප්‍රතිව්‍යුහගත කිරීම නිසා බැංකු පද්ධතියේ බිඳ වැටීමකට තුඩු නොදෙන බවට මහජනතාවට සහතික වී ඇති බවයි

ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර මෙම සැලැස්ම සෙනසුරාදා (01) දිනයේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, “දේශීය තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පතුවල ආරක්ෂාව පිළිබඳ සහතික වන අතර, පොලීවලට කිසිදු බලපෑමක් සිදු නොවන” බවයි.

Share This