
දේශීය බඩඉරිඟු ව්‍යාපාරිකයින් දුක කියයි
සීමාවකින් තොරව බඩඉරිඟු ආනයනය කිරීමට අවසර ලබාදීම හේතුවෙන් තමන් සහ බඩඉරිඟු ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව දේශීය බඩඉරිඟු මිලදී ගන්නා වාපාරිකයින් පවසනවා.
බඩඉරිඟු සාධාරණ මිලකට අළෙවිකර ගැනීමට අවසර ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වුවද එම සාකච්ඡාවද අසාර්ථක වූ බවයි ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළේ.
සත්ව ආහාර නිෂ්පාදන සහ අනෙකුත් කර්මාන්ත සඳහා බඩඉරිඟු ආනයනය කිරීමට පසුගිය මාර්තු මාසයේදී ආණ්ඩුව අවසර ලබාදුන්නා.
සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා 2024 සිට 2025 ජනවාරි 31 වෙනිදා දක්වා කාලය තුළ බඩ ඉරිගු මෙට්ට්‍රික් ටොන් 275,000ක් ආනයනය කර තිබූ පසුබිමකයි බඩඉරිඟු නැවතත් ආනයනය සඳහා අවසර ලබාදුන්නේ.
මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් ලක්ෂ හයක් පමණ වනවා.
ආණ්ඩුව පවසන්නේ එම අවශ්‍යතාව රට තුළින් සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස බඩඉරිඟු ආනයනය කිරීමට අවසර ලබාදුන් බවයි.
කෙසේ වෙතත් මෙම තීරණය හමුවේ තමන් බලවත් පීඩාවකට පත්ව සිටින බව දේශීය ගොවින්ගෙන් බඩඉරිඟු අස්වනු මිලදී ගන්නා ව්‍යාපාරිකයින් පවසනවා.
මිලදී ගත් අස්වනු නිසි මිලකට අළෙවි කරගැනීම නොහැකි වීම ඊට හේතු වී ඇති අතර, ගැටළුවට විසදුම් ඉල්ලා ඔවුන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවීමට පැමිණියා.