දේශීය වෙදකම ප්‍රවර්ධනයට දුන් ,අමාත්‍යාංශයේ කැබ් රථයෙන් දඩයමේ ගිය හැටි
දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින් ගිනි අවි හා තියුණු ආයුද රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දඩයමේ යමින් සිටි තිදෙනකු අද (23) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි කාර්යාලය පවසනවා
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ පුද්ගලික සමාගමක අධ්යක්ෂවරයකු හා කිරිබත්ගොඩ හා කරුවලගස්වැව පදිංචිකරුවන් තිදෙනෙක් බවයි වනජීවි නිළධාරින් පවසන්නේ
මෙම සැකකරුවන් දඩයමේ යාමට භාවිතා තිබු කැබ් රථය දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා
අත් අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබි බලපත්‍ර සහිත 9 එම් .එම් .පිස්තෝලයක් හා එයට යොදන පතෝරම් 9ක් හා පතොරම් බහාලුම් දෙකක් සමග බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක් හා පතොරම් 4 ක් හිස්කොපු තුනක් සමග දඩයමට යොදා ගැනුන විදුලි පන්දමක් තියුණු පිහියක් , තිත් මුව ලෝම් ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමානයක් ද අත් අඩංගුවට ගත් බව වනජීවි නිළධාරිහු සඳහන් කරනවා
මේ සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි කරුවලගස්වැව පදිංචි සැකකරුගේ නිවසේ තිබි වියළි මස් ග්‍රෑම් 100 කට අධික ප්‍රමානයක් සොයා ගත් බව වන ජීවි නිළධාරින් පවසනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමුවුණා