දෛවය හරස්කපා මරණයෙන් ගැලවුණ භූමි චෞහාන්

දෛවය හරස්කපා මරණයෙන් ගැලවුණ භූමි චෞහාන්

භූමි චෞහාන් ඊයේ දහවල් කෝපයෙන් හා කලකිරීමෙන් සිටියේ අහමදාබාද් ගුවන් තොටුපළ බලා යන ඇගේ මෝටර් රථ හදිසියේ ඇති වූ රථවාහන තදබදය නිසා මිනිත්තු 10 කින් ප්‍රමාද වී . ලන්ඩන් ගැට්වික් වෙත යන එයාර් ඉන්දියා ගුවන් යානය මග හැරීම නිසයි.
එහෙත් ඈ දෙස දෙවියන් ඇසගසාගෙන සිටි බව ඇයට දැනුනේ ඊට සුළු මොහොතකින් කණ වැකුණු කණගාටු දායක පනිවිඩයත් සමගයි.

තම සැමියා සමඟ බ්‍රිස්ටල්හි ජීවත් වන ව්‍යාපාර පරිපාලන ශිෂ්‍යාවක් වන චෞහාන් මහත්මිය නිවාඩුවක් සඳහා බටහිර ඉන්දියාවට ගොස් නැවත එංගලන්තය බලා පිටත්වීමට සිටියේ ඊයේ අනතුරට පත් එයාර් ඉන්දියා ගුවන් යානයෙන්.

28 හැවිරිදි ඇය ඊයේ(12) AI171 ගුවන් යානයෙන් නිවසට පියාසර කිරීමට නියමිතව සිටි අතර, එය ගුවන් ගත වී ටික වේලාවකට පසු කඩා වැටී යානයේ සිටි 241 දෙනෙකු සහ තවත් බොහෝ දෙනෙකු බිම සිටියදී ජීවිතක්ෂයට පත් වුණා.

පිටත්වීමට පැයකටත් අඩු කාලයකට පෙර ගුවන් තොටුපළට ඇය පැමිණ සිටියත් ගුවන් සේවා කාර්ය මණ්ඩලය ඇයව හරවා යැවීමට කටයුතු කර තිබුණා.

“අපි අපේ රියදුරු සමඟ ඉතා කෝපයට පත් වූ අතර කලකිරීමෙන් ගුවන් තොටුපළෙන් පිටව ගියා.” ඇය සිහිපත් කරන්නීය. “මම ගොඩක් කලකිරුණා.” ඇය තව දුරටත් පැවසුවා.

” අපි ගුවන් තොටුපළෙන් පිටව ගොස් තේ පානය කිරීමට ස්ථානයක සිටගෙන ටික වේලාවකට පසු පිටත්ව යාමට පෙර ටිකට් පත සඳහා මුදල් ආපසු ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අපි සංචාරක නියෝජිතයා සමඟ කතා කරමින් සිටියා.”

” එහිදී, ගුවන් යානය කඩා වැටී ඇති බවට මට ඇමතුමක් ලැබුණා.”

ඇය අවසානයේ මෙසේ පැවසුවාය ,”මෙය මට නම් සම්පූර්ණයෙන්ම ආශ්චර්යයක්.”

 

Share This