ධවල මන්දිරයෙන් සොයා ගත් කොකේන් බෑගය පිළිබඳ විමර්ශන අවසන්

ධවල මන්දිරයෙන් සොයා ගත් කොකේන් බෑගය පිළිබඳ විමර්ශන අවසන්

ධවල මන්දිරයෙන් සොයා ගත් කොකේන් බෑගය සම්බන්ධයෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවය ආරම්භ කළ විමර්ශන අවසන් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කොකේන් අඩංගු බෑගයේ ඇඟිලි සලකුණු හෝ ඩී.එන්.ඒ කිසිවක් හමු නොවූ බැවින් සැකකරුවෙකු හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුවයි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවය ආරම්භ කළ විමර්ශන අවසන් කර ඇත්තේ

අදාළ බෑගය ධවල මන්දිරයේ සීසීටීවීවලට හසු නොවන කලාපයක තීබී සොයා ගත් බවයි රහස් ඔත්තු සේවයේ වාර්තාවල දැක්වෙන්නේ

සිද්ධිය වන අවස්ථාව් ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ නොසිටි බව සඳහන්

Share This