නගරවල පැතිරුණු කොවිඩ් චීනයේ ගම්වලටත් පැතිරීමේ අවදානමක්

නගරවල පැතිරුණු කොවිඩ් චීනයේ ගම්වලටත් පැතිරීමේ අවදානමක්

චීනයේ ග්‍රාමීය ප්‍රදේශවලද කොවිඩ් ආසාදිතයින් ඉහළ යනු ඇතැයි එරට වසංගත රෝග විද්‍යාඥයා අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මිලියන සියගණනක් චීන ජාතිකයන් ඔවුන්ගේ අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් වෙත ගමන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එමෙන්ම චීනය දිනපතා කොවිඩ් සංඛ්‍යාලේඛන සැපයීම නතර කර තිබෙනවා

ග්‍රාමීය ප්‍රදේශවල සිටින බොහෝ වයෝවෘද්ධ, රෝගී සහ ආබාධිත පුද්ගලයන් මේ වන විටත් කොවිඩ් ප්‍රතිකාර සම්බන්ධයෙන් පසුගාමී වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

කෙසේ වෙතත් එරට රජයේ නිලධාරීන් පවසන්නේ බොහෝ පළාත් සහ නගරවල ආසාදනවල උච්චතම අවස්ථාව පසු කර ඇති බවයි.

මේ අතර චීනය කොවිඩ් මරණ දැඩි ලෙස අඩුවෙන් වාර්තා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසනවා

Share This