නදුන් චින්තක(හරක් කටා) ගේ ජීවිතය අනතුරේ! – නීතිඥ උදුල් ප්‍රේමරත්න ෆේස්බුක් එකේ දමයි

නදුන් චින්තක(හරක් කටා) ගේ ජීවිතය අනතුරේ! – නීතිඥ උදුල් ප්‍රේමරත්න ෆේස්බුක් එකේ දමයි

උණ රෝගයක් වැලදීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති නදුන් චින්තක හෙවත් හරක් කටා ගේ ජීවිතයට අනතුරක් ඇතැයි ඔහුගේ නීතිඥ උදුල් ප්‍රේමරත්න සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් පවසනවා.
ඔහු පවසන්නේ නදුන් චින්තක දැනට කොළඹ ජාතික රෝහලේ 37 වන වාට්ටුවට ඇතුලත්කර සිටින බවයි.

මීට පෙර ඔහු පෙන්වා දී ඇති පරිදි තංගල්ල බන්ධනාගාරය තුල ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය මගින් ඔහුව රදවා සිටින ආකාරය අනුව ඔහුගෙ සිර කුටිය අවට මදුරුවන් බෝවීමට ඉඩ හැර සහ නරක්වූ ආහාර සැපයීම මගින් කුමන්ත්‍රණකාරී ලෙස ඔහු ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට මානව හිමිකම් කොමිසමට හා පොලිස්පතිවරයාට පැමිණිළි කර ඇති බවයි.

එසේම මේ වනවිට ජාතික රෝහලට ඇතුලත්කර ඇති නදුන් චින්තක කිසිවකුට ඔහුව බැලීමට හෝ තොරතුරු ලබාදීමට පොලීසිය සහ ජාතික රෝහල ඉඩ නොදෙන බවට ද උදුල් සිය සමාජ මාධ්‍ය ගිනුමේ සටහන් කර තිබෙනවා.

 

Share This