නයිජර් හි බලය එරට හමුදාවන් යටතට (VIDEO)

නයිජර් හි බලය එරට හමුදාවන් යටතට (VIDEO)

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර් හි ජනාධිපති Mohamed Bazoum එරට ආරක්ෂක හමුදාවන් විසින් රඳවා තබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කර්නල් Maj Amadou Abdramane සියලු බාහිර හවුල්කරුවන්ගෙන් මේ සඳහා මැදිහත් නොවන ලෙස ඉල්ලා ඇති අතර තත්ත්වය ස්ථාවර වන තුරු ගොඩබිම් සහ ගුවන් දේශසීමා වසා ඇති බවද දැනුම් දී තිබෙනවා

නැවත දැනුම් දෙන තුරු දේශීය වේලාවෙන්රාත්‍රී 10 සිට උදෑසන 05 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කරනවා

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් එරට ජනාධිපතිවරයාට ඇමතුමක් ලබා දී වොෂින්ටනයේ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ද සඳහන් කර ඇත්තේ තමන් ජනාධිපතිවරයා සමග කතා කර එක්සත් ජාතීන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

නයිජර් හි ජනාධිපති මන්දිරය මුද්‍රා තබා ඇති අතර, ආරක්ෂක බළකායේ සන්නද්ධ සාමාජිකයින් ජනාධිපති මන්දිරයෙන් පිටත රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This