නයිජර් හි සිටින තම හමුදා සහ තානාපතිවරයා ඉවත් කර ගන්නා බවට ප්‍රංශ ජනපතිගෙන් දැනුම් දීමක්

නයිජර් හි සිටින තම හමුදා සහ තානාපතිවරයා ඉවත් කර ගන්නා බවට ප්‍රංශ ජනපතිගෙන් දැනුම් දීමක්

සිය තානාපතිවරයා ඉවත් කර ගනිමින් නයිජර් සමග ඇති සියලූ හමුදා සහයෝගීතාව අවසන් කරන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා තිබෙනවා

ඉදිරි පැය කිහිපය තුළ තානාපතිවරයා සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු නැවත ප්‍රංශයට පැමිණෙනු ඇති බවද ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මිලිටරි සහයෝගීතාව අවසන් වී ඇති බවත් ප්‍රංශ හමුදා ඉදිරි මාස කිහිපය තුළ පිටත්ව යන බවත් ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කරනවා

ජූලි මාසයේදී නයිජර්හි බලය අල්ලා ගත් හමුදා ජුන්ටාව මෙම පියවර පිළිගත් බවයි පැවසෙන්නේ

ගොඩබිම් සහිත බටහිර අප්‍රිකානු රටේ ප්‍රංශ සොල්දාදුවන් 1500 ක් පමණ සිටින බවත් සඳහන්

කුමන්ත්‍රණ නායකයින් විසින් දැනට සිරකර සිටින නෙරපා හරින ලද නයිජර් ජනාධිපති මොහොමඩ් බාසූම් රටේ ඒකීය නීත්‍යානුකූල අධිකාරිය ලෙසට තමා තවමත් සලකන බවත් තම තීරණය ඔහුට දැනුම් දුන් බවත් ප්‍රංශ ජනපති මැක්‍රොන් පවසනවා

බලයෙන් පහ කරන ලද ජනාධිපතිවරයා ප්‍රාණ ඇපකරුවෙකු ලෙස සිටින බවයි ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කරන්නේ

Share This