නයිජීරියාවේ අධික බර පැටවූ ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 25ක් මරුට

නයිජීරියාවේ අධික බර පැටවූ ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 25ක් මරුට

නයිජීරියාවේ නයිජර් ප්‍රාන්තයේ අධික බර පැටවූ ට්‍රක් රථයක් පාලනය කරගත නොහැකිව කාර්යබහුල අධිවේගී මාර්ගයකදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

සොකෝටෝ ප්‍රාන්තයේ සිට ලාගෝස් හි ආර්ථික කේන්ද්‍රස්ථානය වෙත ගමන් කරන ලද ට්‍රක් රථය මගීන් රැසක් සහ භාණ්ඩ සහිතව අධික වේගයෙන් ධාවනය වූ බව යි ෆෙඩරල් මාර්ග ආරක්ෂණ ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ

අනතුරින් දිවි ගලවා ගත් මගීන් 200 කට වැඩි පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ජනාධිපති Bola Tinubu මෙම අනතුර “ඛේදජනක ඛේදවාචකයක්” ලෙසින් හඳුන්වා තිබෙනවා

තුවාල ලැබූවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සහතික කිරීම සඳහා හදිසි ප්‍රතිචාර ආයතන වෙත යොමු කර ඇති බවයි පැවසෙන්නේ

අනතුරෙන් පසුව නයිජර් ප්‍රාන්ත ආණ්ඩුකාර මොහොමඩ් බාගෝ මගීන් රැගෙන යාමට ට්‍රක් රථ සහ අනෙකුත් ප්‍රවාහන වාහන භාවිතා කිරීමට එරෙහිව නියෝගයක් ද නිකුත් කර තිබෙනවා

Share This