නයිජීරියාවේ පැහැරගෙන ගිය සිසුන් 14 දෙනෙකු සහ කම්කරුවන් දෙදෙනෙකු නිදහස් කෙරේ

නයිජීරියාවේ පැහැරගෙන ගිය සිසුන් 14 දෙනෙකු සහ කම්කරුවන් දෙදෙනෙකු නිදහස් කෙරේ

තුවක්කුකරුවන් විසින් පැහැරගෙන ගිය සිසුන් 14 දෙනෙකු සහ කම්කරුවන් දෙදෙනෙකු මේ වන විට නිදහස් කර ඇති බව වයඹදිග නයිජීරියාවේ විශ්ව විද්‍යාලයක් පවසා තිබෙනවා

පසුගිය සිකුරාදා (22) දිනයේ Zamfara ප්‍රාන්තයේ Gusau ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවලින් ගැහැණු ළමයින් 24 දෙනෙකු පැහැරගෙන ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

වෙනත් ගොඩනැගිල්ලක වැඩ කරමින් සිටි කම්කරුවන් 9 දෙනෙකු ද පැහැරගෙන ගොස් තිබුණා.

පැහැර ගැනීමට ලක්වූ සිසුන්ගෙන් හය දෙනෙකු පැහැරගැනීමෙන් පැය කිහිපයකට පසු හමුදාව විසින් මීට පෙර බේරාගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සිසුන්ගෙන් ඉල්ලා සිටියේ සන්සුන්ව සිටින ලෙසයි

ආරක්ෂක අංශ තවමත් රඳවාගෙන සිටින අය බේරා ගැනීමට උත්සාහ කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය පවසනවා

වයඹ නයිජීරියාවේ මෑත වසරවලදී කප්පම් ලබා ගැනීම සඳහා වූ පැහැරගැනීම් ඉහළ ගොස් තිබෙනවා

Share This