නයිජීරියාවේ පොලිස් ප්‍රධානියාට සිර දඬුවම්

නයිජීරියාවේ පොලිස් ප්‍රධානියාට සිර දඬුවම්

අධිකරණ නියෝගයකට අවනත නොවීම හේතුවෙන් නයිජීරියාවේ මහාධිකරණය එරට පොලිස් ප්‍රධානියාට මාස තුනක සිර දඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

1992 දී සේවයෙන් පහ කරන ලද පොලිස් නිලධාරියෙකුට පවරා තිබු නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ලබා දී ඇති බවයි පැවසෙන්නේ

නිවේදනයක් නිකුත් කරමින් එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක Olumuyiwa Adejobi සඳහන් කර තිබෙන්නේ තම ප්‍රධානියාට දඬුවම් කිරීමට ගත් තීරණය පුදුම සහගත එකක් බවයි

ඉදිරියේදී මේ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ගය තීරණය කිරීමට අධිකරණයෙන් ලබා දුන් තීන්දුව අධ්‍යයනය කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා

Share This