නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 76ක් ජීවිතක්ෂයට

නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් 76ක් ජීවිතක්ෂයට

නයිජීරියාවේ අග්නිදිග ඇනම්බ්‍රා ප්‍රාන්තයේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

අනම්බ්‍රා ප්‍රාන්තයේ ඔග්බාරු ප්‍රදේශයේදී පුද්ගලයන් 80 දෙනෙකු රැගත් බෝට්ටුව මෙලෙස අනතුරට පත්ව ඇති අතර ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමයින් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

එරට ජනාධිපති මුහම්මදු බුහාරි අනතුරින් මියගිය අයගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද සඳහන් කර තිබෙනවා

Share This