නයිජීරියාව තෙල් සහනාධාර ඉවත් කිරීම අත්හිටුවයි

නයිජීරියාව තෙල් සහනාධාර ඉවත් කිරීම අත්හිටුවයි

මෙම වසරේ ජුනි මාසය වන විට ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ සහනාධාර ඉවත් කිරීම නයිජීරියාව විසින් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නයිජීරියාවේ මුදල් ඇමති සයිනාබ් අහමඩ් පවසා තිබෙන්නේ මේ පිළිබඳව අදාළ බලධාරීන් සමග දිගටම සාකච්ඡා කරන බවයි.

ජනාධිපති ලෙස තේරී පත් වූ බොලා ටිනුබු බලයට පත්වීමෙන් පසු මේ වසරේ මැයි මාසයේදී සහනාධාර ගෙවීම් නතර කිරීමට සැලසුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

Share This