නයිජීරියාව G20 සාමාජිකත්වය අපේක්ෂාවෙන්

නයිජීරියාව G20 සාමාජිකත්වය අපේක්ෂාවෙන්

නයිජීරියාව G20 කණ්ඩායමට සම්බන්ධවීම සඳහා අයදුම් කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ජනාධිපති Bola Tinubu ගේ ප්‍රකාශක Ajuri Ngelale පවසා තිබෙන්නේ G20 කණ්ඩායමට සම්බන්ධවීමට අයදුම්පතක් ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට පෙර රජය සාමාජිකත්වයේ අවදානම් සහ ප්‍රතිලාභ මැන බලන බවයි.

“G20 හි නයිජීරියාවේ සාමාජිකත්වය යෝග්‍ය වනබවත්, සාමාජිකත්වයේ ප්‍රතිලාභ සහ අවදානම් පිළිබඳව සොයා බැලීමේ අරමුණින් රජය පුළුල් පරාසයක උපදේශන ආරම්භ කර ඇති බවත් ජනාධිපති Bola Tinubu ගේ ප්‍රකාශක Ajuri Ngelale නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව නයිජිරියානු ජනාධිපති Bola Tinubu දිල්ලියට ගොස් ඇත්තේ කණ්ඩායම් සමුළුවට සහභාගී වීමට බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

නයිජීරියාවේ විදේශ ආයෝජන ලබාගැනීම, ආයෝජකයින් බලමුලු ගැන්වීම සහ අනෙකුත් රටවල් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් ශක්තිමත් කිරීම සඳහා නයිජිරියානු ජනාධිපතිවරයා G20 සමුළුවට සහභාගී වන බවයි Ajuri Ngelale මීට පෙර සඳහන් කර ඇත්තේ

දැනට G20 හි සිටින එකම අප්‍රිකානු සාමාජිකයා වන්නේ දකුණු අප්‍රිකාවයි.

 

Share This