නවසීලන්තයට නව අගමැතිවරයෙක්

නවසීලන්තයට නව අගමැතිවරයෙක්

නවසීලන්ත මැතිවරණයෙන් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර එම පක්ෂයේ නායක Chris Luxon මහතා නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විපක්ෂයේ සිටි අනෙකුත් පක්ෂ සමග සන්ධානගත වීම නිසා ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට ජාතික පක්ෂයට හැකියාව ලැබුණු බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජාතික පක්ෂය ආසන 51ක් දිනාගැනීමට සමත් වූ අතර කම්කරු පක්ෂය ලබාගෙන තිබුණේ ආසන 33ක් පමණයි.

කම්කරු පක්ෂයේ වත්මන් අගමැති Chris Hipkins, පරාජය භාර ගනිමින් ජාතික පක්ෂයේ නායක සහ නව අගමැති Chris Luxonට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා. .

Jacinda Ardernගේ ඉල්ලා අස්වීමෙන් පසු අගමැති ලෙස වැඩ භාරගත් Chris Hipkins මහතා, ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහය වූ ආධාරකරුවන්ට ස්තුතිය පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Luxon මහතාගේ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක පොරොන්දු අතරට මධ්‍ය ආදායම් ලබන්නන් සඳහා බදු අඩුකිරීම් සහ අපරාධ මර්දනය කිරීම ඇතුළත් වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This