නවසීලන්තයේ චීන අවන්හලක දී පොරවකින් කළ පහරදීම

නවසීලන්තයේ චීන අවන්හලක දී පොරවකින් කළ පහරදීම

නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රදේශයේ පිහිටි චීන අවන්හලක රාත්‍රී භෝජන සංග්‍රහයකට පැමිණි පුද්ගලයෙකුට පොරවකින් පහරදීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

මෙම පහරදීමෙන් අවට සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

රාත්‍රී 9ට පමණ සැකකරු එම ස්ථානයට ඇතුළු වී මිනිසුන්ට පහර දීමට පටන් ගත් බවයි ඇසින් දුටු සාක්ෂිකරුවන් සඳහන් කර ඇත්තේ

එම ස්ථානයේදීම චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය සඳහන් කරන අතර බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර තිබෙනවා

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු රෝහල්ගතව සිටින බවද එරට පොලිසිය පවසනවා

Share This