
නවසීලන්තයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ කඨින පිංකම
නවසීලන්තයේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී ලංකාරාමාධිපති පූජ්‍යපාද වල්ගම මුනින්දවංශ නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි නවසීලන්තයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ කඨින පිංකම 2025 උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
පූජ්‍යපාද වල්ගම මුනින්දවංශ නායක මාහිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් සුයිඩන් සමාධි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති යුරෝපයේ ප්‍රධාන සංඝනායක සහ යුරෝපා සංගමයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති උඩගම නාරද නාහිමිපාණන් වස් විසීම සඳහා වැඩම කරනු ලැබුවා.
උඩගලදෙනියේ යසස්සි, වල්ගම රේවත, වලල්ගොඩ අත්තදස්සි යන ස්වාමීන් වහන්සේලාද නේවාසික ස්වාමීන් වහන්සේලා ලෙස මෙවර වස් පිංකම් මාලාව වෙනුවෙන් වැඩම කළා.
බෞද්ධ භාරකාරත්වය හා වස් කණ්ඩායම ඇතුළු දායක පිරිවර මෙවර නවසීලන්තයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ කඨින පිංකම වෙනුවෙන් දායකත්වය ලබාදුන්නා.