නවසීලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි (VIDEO)

නවසීලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි (VIDEO)

Gabrielle සුළි කුණාටුව හේතුවෙන් නවසීලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Northland, Auckland, Tairawhiti, Bay of Plenty, Waikato සහ Hawkes Bay යන ප්‍රදේශවලට මෙම හදිසි තත්ත්වය අදාළ වනු ඇති.

අවම වශයෙන් නිවාස 38,000 කට විදුලිය මේ වනවිට විසන්ධිවී තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

නවසීලන්තයේ විශාලතම නගරයවන ඕක්ලන්ඩ්හි කඩා වැටීමේ තර්ජනයට ලක්ව ඇති මීටර් 30 ක් උස කුළුණක් අවට නිවාස 50 ක පුද්ගලයින් බලධාරීන් විසින් ඉවත් කර ඇති බවද එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඕක්ලන්ඩ්හි බටහිර වෙරළ තීරයේ මුරිවායිහි නාය යෑමකින් ගිනි නිවන භටයෙකු අතුරුදහන් වී ඇති අතර තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

අවම වශයෙන් ගුවන් ගමන් 509ක් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

Share This