නවසීලන්ත අගමැතිනිය සිය විවාහ මංගල්‍ය අවලංගු කරයි

නවසීලන්ත අගමැතිනිය සිය විවාහ මංගල්‍ය අවලංගු කරයි

නවසීලන්ත රජය විසින් කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති නව සීමාවන්ට යටත්ව සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් තීරණය කර තිබෙනවා.

මෙම ගෝලීය වසංගතය හේතුවෙන් පීඩාවට පත් සියල්ලන් මෙන් තමා ද විවාහ මංගල උත්සවය කල් දැමූ බවයි ඇය පවසා සිටියේ.

ඇය සිය සහකරු වන ක්ලාර්ක් ගෙෆොර්ඩ් සමඟ 2019 වසරේ දී විවාහ ගිවිස ගනු ලැබූ අතර ඔවුන්ට මේ වනවිට කුඩා දරුවෙකු ද සිටිනවා.

නවසීලන්තයේ නව කොරෝනා පාලන සීමාවන් ලබන මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

Share This