
නවසීලන්ත කථානායකවරයා ප්‍රමුඛ දූත පිරිසක් කථානායකවරයා හමුවෙයි
නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ජෙරී බ්‍රව්න්ලි මහතා ප්‍රමුඛ නවසීලන්ත පාර්ලිමේන්තුවේ දූත පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී.
දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමවේදයන්, ආර්ථිකය සම්බන්ධ කරුණු ආදිය පිළිබඳව දෙරටේ කථානායකවරු මෙහිදී සුහද සාකච්ඡාවක යෙදී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙහිදී දෙරටේ කථානායකවරු සහතික වී තිබෙන බව සඳහන්.
එසේම මෙරටට පැමිණීම සම්බන්ධව ද කථානායකවරයා සිය ස්තූතිය නවසීලන්ත කථානායකවරයා වෙත පුදකර සිටි බවයි වාර්තා වන්නේ.
අනතුරුව දූත පිරිස ශ්‍රී ලංකා නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඒකාබද්ධ රැස්වීමටද සහභාගී වී තිබෙනවා.
මෙහිදී අදහස් දක්වමින් නවසීලන්ත කථානායකවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින අන්තර් පාර්ලිමේන්තු, වාණිජ, ක්‍රීඩා වැනි සෑම අංශයකම ද්විපාර්ශ්වීය සබඳතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට සහාය ලබාදෙන බවයි.