නවසීලන්ත ක්‍රීඩිකාවන් දිනූ සුපිරි ජය

නවසීලන්ත ක්‍රීඩිකාවන් දිනූ සුපිරි ජය

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 තරගයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වී තිබෙනවා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 113ක් ලබා ගැනීමට සමත් වුණා.

ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 117ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

 

Share This