
නව අධ්‍යාපන ප්රතිසංස්කරණයෙන් පාසලෙන් ඉවත්වන සියළු දරුවන්ට රැකියාවකට යන්නත්, උපාධිය හදාරන්නත් අවස්ථාව ලැබෙනවා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් සියලු දරුවන්ට රැකියාවකට යොමුවීමට හෝ උපාධිය හැදැරීමට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ දුෂ්කර පාසල් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමේදී හිතවත්කම් මත නොව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය මත තෝරා ගැනීම සිදු කළ යුතු බවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත නියෝජනය කරන නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද(13) නැගෙනහිර පළාත් සභාවේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ මේය සියලු දෙනාට ලැබෙන ඓතිහාසික අවස්ථාවක් බවත්, ලෝකයට ගැලපෙන ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා හැකි වනු ඇති බවයි.
සියලු දරුවන්ට පාසල් අධ්‍යාපනය අවසන් කරනවිට රැකියාගත විය හැකි ආකාරයේ NVQ සහතිකයක් හිමි වන බවත් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සදහන් කළා.
පවතින අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන් රැකියාවට යනවිට කුසලතා පුර්ණය නැති නිසා, විශ්වවිද්‍යාලවලට මෘදු කුසලතා සංවර්ධනය කිරීමට සිදුව ඇති බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී පෙන්වා දුන්නා.
එහෙත් එය කළ යුත්තේ පාසලින් බවත් ඇය පැවසුවා.
9 වසරේ සිට දරුවන්ට තමන් ඉදිරියේදී කරන්නට අවශ්‍ය වෘත්තීය කුමක් දැයි තීරණය කර ඒ වෙනුවෙන් අත්දැකීමක් ලබාගැනීමේ අවස්ථාවක් නව ප්රතිසංස්කරණයෙන් ලැබෙන බවත් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය පැවසුවා.