
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ නොවේ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සියලු දෙනා අවබෝධයෙන් ලබාදෙන අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවන බවත්, සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවත් ඇය වැඩිදුරටත් සදහන් කළා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ ඊයේ (02)පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ පළමු වසරට ඇතුළත් වන දරුවකු පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ අනාගතය ගැන විශ්වාසයකින් හෝ සතුටකින් නොවන බවයි.
දරුවන්ට මිත්‍රශීලි පාසල් පරිසරයක්, ඉගැන්වීම් ක්‍රමයක් ඇති කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය පාසල තුළින් වෙද්‍යවරුන්, ඉංජිනේරුවරුවන් මෙන්ම ව්‍යවසායකයින්, කලාකරුවන්, වෘත්තීය නිපුණතාවය සහිත සියලු වෘත්තීකයන් බිහි විය යුතු බව සදහන් කළා.
ගුරු පුරප්පාඩුවලට විසදුම් ලබා දෙනවා මෙන්ම සියලුම පාසල්වලට ඩිජිටල් පහසුකම්, ඉගෙනීමට පහසුකම් සහිත පන්ති කාමර, සනීපාරක්ෂක පහසුකම්, ජලය, ක්‍රීඩා පිටි, විද්‍යාගාර, නවෝත්පාදන අවකාශයන්, සෞන්දර්යය ඒකක ඇතුලු සියලු අංගයන්ගෙන් පාසල් සංවර්ධනය කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවා.
පවතින සාකච්ඡාව දිගටම අවශ්‍ය බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අදියරෙන් අදියර ඉදිරියට සිදුකරන බවත් ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සදහන් කළා.
දෙමාපියන් ඇතුලු සමාජයේ සියළු අංශ මේ සමඟ සම්බන්ධ විය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාහලිංගම් වේදනායගම්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්, උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.