
නව අනුකාරක සභා ත්‍රිත්වයක්
ප්‍රවාහන, පාරිසරික, ව්‍යාපාරික සහ ජනතා හිතවාදී සංකල්ප ඔස්සේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇති ගැටලු විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වගකියනු ලබන අනුකාරක සභා ත්‍රිත්වයක් පත් කර තිබෙනවා.
අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් එම අනුකාරක සභා ත්‍රිත්වය පත් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ප්‍රථම අනුකාරක සභාව අවිධිමත් ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති අතර මෙම වෘත්තිකයින් වෙනුවෙන් වෘත්තිමය වශයෙන් පිළිගැනීමක් ඇති කිරීම අරමුණ වී තිබෙනවා.
මෙහිදී පෞද්ගලික බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ත්‍රිරෝද රථ රියදුරන් සහ ඉලෙක්ට්‍රොනික යෙදවුම් හරහා ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ නියැලී සිටින්නන් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්ති භාර අරමුදලේ දායකත්වය ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව පරීක්ෂා කෙරෙනු ඇති.
ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සධානීය දිශානතියක් වෙත එම ක්ෂේත්‍රය යොමු කරවීම වෙනුවෙන් පිහිටුවා තිබෙනවා.
තෙවන අනුකාරක සභාව පිහිටුවා ඇත්තේ ප්‍රවාහන කර්මාන්තය හා බැඳුණු අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි සැකසීම වෙනුවෙන් පිහිටුවා ඇති බව සඳහන්.