නව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙනවා

නව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙනවා

නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන නවීකරණයේ නව පියවරක් තබමින් දකුණු පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් පාසල් 200 කට සුහුරු පන්ති කාමර සහ ටැබ් පරිගණක යන්ත්‍ර 2000ක් ලබාදීම සඳහා ගාල්ලේ අද (06) පැවති උත්සවයට එක්වෙමින්

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනූව දකුණු පළාත් සභාව වෙත ලැබුණු රුපියල් ලක්ෂ 3000ක (කෝටි 30ක) ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා

මෙම ව්‍යාපෘතිය සදහා තෝරාගත් පාසල් 200 අතරින් පාසල් 150ක් ගාලු දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර ඉතිරි පාසල් 50 හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවලට අයත් වනවා

එක් සුහුරු පන්ති කාමරයකට ටැබ් පරිගණක යන්ත්‍ර 10 බැගින් පන්ති කාමර 200 සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර 2000 ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණා

Share This