නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ඩිජිටල්කරණය සමඟ ඉදිරියට යා යුතුයි

නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ඩිජිටල්කරණය සමඟ ඉදිරියට යා යුතුයි

නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාවද ඩිජිටල්කරණය සමඟ වේගයෙන් ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවයට ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා

“Public Learn” යනු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයින් යොමු කරවනු ලබන වේදිකාවක් වන අතර මෙම වේදිකාව රීජන්ට් ග්ලෝබල් ආයතනය (Regent Global) විසින් ක්‍රියාත්මක කරනු ලබනවා

එමෙන්ම එය ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීමට එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව විසින් අරමුදල් සපයා ඇති බව සඳහන්

මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ බිහි වූ මෙරට අධ්‍යාපනය අදියර 03ක් යටතේ ක්‍රමිකව විකාශය වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වන විට ඩිජිටල්කරණය සමග විවෘත වේදිකාවක දැනුම බෙදා හදා ගැනීම දක්වා එය ඉදිරියට පැමිණ ඇති බවද සඳහන් කළා

Share This