නව කථානායක තෝරාපත් කර ගැනීම හෙට

නව කථානායක තෝරාපත් කර ගැනීම හෙට

නව කථානායකවරයා තෝරාපත් කර ගැනීම හෙට (17) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුව හෙට උදෑසන 9.30 සිට රැස්වීමට නියමිතයි.

එහිදී පැයක කාලයක් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීම ආරම්භයේදීම සිදුවනු ඇති.

කථානායකවරයා ලෙස කටයුතු අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගැනීමත් සමග මේ වන විට 10වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරය පුරප්පාඩුව පවතිනවා.

නව කථානායක ධුරය සඳහා පක්ෂව සහ විපක්ෂව මේ වන විටත් නම් කිහිපයක් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

Share This