
නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සූදානම්
1990 අංක 23 දරන විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්‍ෂණ යෝජනා ක්‍රම පනත ප්‍රකාරව මේ වසරේ නොවැම්බර් 21 දින සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හදුන්වාදීමට සැලසුම් කර ඇතැයි ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය පවසන්නේ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය එක්ව කඩිනමින් නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කිරීමට සියලුම කටයුතු සම්පාදනය කොට ඇති අතර එය කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරන බවයි.
මෙම යෝජනා ක්‍රමය මඟින් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමග මෙම නව ධීවර විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට හැකි වන අතර විශ්‍රාම ලබාගනිමින් සිටියදී ප්‍රතිලාභියා මියගිය විට කාලත්‍රයාට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයක්.
තවද, විශ්‍රාම වැටුප් වයස අවුරුදු 60 න් පසුව එළඹෙන එක් එක් වයස් සීමාවලදී වැඩිවීමද මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභියාට ලැබෙන තවත් සුවිශේෂී වරප්‍රසාදයක් බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසනවා.
කිසියම් හේතුවක් මත දායකයාට සම්පූර්ණ දායක මුදල් ගෙවීමට නොහැකිව, ගෙවා ඇති දායක මුදල 25% ක් හා 74% ක් අතර වන අවස්ථාවලදී දායක මුදල් ගෙවීමේ කාලය අවසන් වූ විට ශුද්ධ දායක මුදල් ප්‍රමාණය මත මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පොලී මුදලක් සමග අදාළ මුදල නැවත දායකයාට ලබාගැනීමට හැකිවන බවයි ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසන්නේ.
විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර ස්ථිර/අර්ධ බෙලහීනතාවයකට පත්වූ විට මෙම යෝජනා ක්‍රමය මඟින් බෙලහීන ප්‍රතිලාභ ලබා ගැනීමටද මෙම යෝජනා ක්‍රමයට දායක වන ධීවරයින්ට අවස්ථාව සලසාදී තිබෙනවා.
අමාත්‍යාංශය නිවේදනය කරන්නේ 2025 ලෝක ධීවර දින සැමරුම වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුණ පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනය හා සමගාමීව මෙහි සමාරම්භක උත්සවය අනිද්දා(21) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ගේ ප්‍රධානත්වයෙන් හා කෘෂිකර්ම, ඉඩම් හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ගේ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් හා නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන් ගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
