
නව පත්වීම් ප්‍රදානයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පත්වීම් ලිපි ප්‍රදානයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ නව ලේකම්වරයා ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කර ඇති අතර උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් මහත්මිය පත් කර තිබෙනවා.
මීට අමතරව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පත් කර ඇති බව සඳහන්.
ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්ම මහත්මීන් වෙත පිළිගන්වා තිබෙනවා.