
නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යුද්ධ හමුදාධිපති හමුවෙයි
නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (12) යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා මුණගැසුණා.
මෙය පොලිස්පතිවරයා සිය රාජකාරිය ඇරඹීමෙන් පසු යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාවයි.
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි පොලිස්පතිවරයා, යුද්ධ හමුදා විධායක ජෙනරාල්, මේජර් ජෙනරල් ටිරල් ද සිල්වා මහතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබුවා.
පසුව, යුද්ධ හමුදාපතිවරයා විසින් පොලිස්පතිවරයා පිළිගෙන, අනතුරුව ප්‍රධාන මාණ්ඩලික නිලධාරිවරුන් පොලිස්පති වෙත හඳුන්වා දීම සිදු කළා.
යුද්ධ හමුදාපති සහ පොලිස්පති අතර පැවැති සුහද සාකච්ඡාවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබද අවධාණය යොමු කර තිබෙනවා.
මෙම හමුව අවසානයේ යුද්ධ හමුදාපතිවරයා, නව පොලිස්පතිවරයාට සුබ පැතුම් එක් කළා.