නව වෙළෙඳ ගිවිසුමෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ලැබූ ප්‍රතිලාභ

නව වෙළෙඳ ගිවිසුමෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ලැබූ ප්‍රතිලාභ

ඉන්දියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව දෙරට අතර වෙළද ගනුදෙනු ශක්තිමත් කර ගැනීම ඕස්ට්‍රේලියාවේ අපේක්ෂාව වී තිබෙනවා.

ඒ හමුවේ ඉන්දියාවේ කෘෂිකාර්මික අංශය වෙත වැඩි ප්‍රවේශයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියාව උත්සහ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊට සාපේක්ෂව පතල් කැණීම් සහ බැටරි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ඛනිජ වර්ග සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට එක්වන්නැයි ඕස්ට්‍රේලියාව ඉන්දියානු සමාගම්වලට ආරාධනා කර ඇතැයි ද සඳහන්.

ඕස්ට්‍රේලියාවට ඇතුළු වන ඉන්දීය ශ්‍රමිකයන් සහ සිසුන් සඳහා වඩාත් හිතකර වීසා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නැයි ඉන්දියාව සිදුකර ඇති ඉල්ලීම් සලකා බැලීමට ද ඕස්ට්‍රේලියාව පොරොන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දෙරට අතර ක්‍රියාත්මක නව වෙළඳ ගිවිසුම හරහා දෙපාර්ශ්වයේම තීරුබදු විශාල වශයෙන් අඩු වී ඇති බව ද සඳහන්.

අඩු තීරු බදු යටතේ මෙම වසරේ ජනවාරි මාසයේදී පමණක් ඉන්දියාවට ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් බිලියන 2.5ක වටිනාකමකින් යුත් වෙළඳ භාණ්ඩ පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This