
නාත්තන්ඩිය වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට – දරුවාත් රෝහලේ
ඊයේ රාත්‍රී මරවිල පොලිස් වසමේ ,නාත්තන්ඩිය ප්‍රදේශයේ හ්තුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ වෙඩි වැදී තුවාල ලැබූ කාන්තාව සහ කුඩා දරුවකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 30 ක් වූ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර තුවාල ලබා ඇත්තේ මියගිය කාන්තාවගේ වයස අවුරුදු 10 ක් පමණ වූ දරුවායි.
පොලීසිය පවසන්නේ මියගිය කාන්තාව මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට බන්ධන්ඩ්ඩ්ගාර ගතවඇප ලබා පැමුණ සිටි බවයි.
අදාල කාන්තාව ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටිය දී නිවස ආසන්නයේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
පොලීසිය සැක පළ කරන්නේ මෙම වෙඩිතැබීමට රිවෝල්වර ගිනි අවියක් භාවිත කර ඇති බවටයි.