නාමයෝජනා භාරගැනීම ඇරඹෙයි (සජීවී විකාශය)

නාමයෝජනා භාරගැනීම ඇරඹෙයි (සජීවී විකාශය)

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) මේ වනවිට ආරම්භ වී තිබෙනවා

ඒ අනුව පෙරවරු 11 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදු කෙරෙන අතර නාමයෝජනාවක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා අවස්ථාව ලබා දී ඇති බව සඳහන්.

ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති අතර අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලදී ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා

එමෙන්ම පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 22ක්, වෙනත් දේශපාලන පක්ෂක් නියෝජනය කරමින් අපේක්ෂකයෙක් සහ ඡන්දහිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 17 දෙනෙකු ලෙස අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු පසුගිය 26 වන දින ආරම්භ වූ අතර එය ඊයේ (14) මධ්‍යාහ්න 12ට අවසන් කෙරුණා.

නාමයෝජනා ගැනීමේ සජීවී විකාශය පහතින්

Share This