
නාමල් ගේ උපාධිය වෙනුවෙන් පොහොට්ටු ක්‍රියාකාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ භාවය කෙරෙහි සංවිධානාත්මකව සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කඩිනම් පියවරගන්නා ලෙස
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයකු පැමිණිල්ලක් සිදුකළා.
එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයකු වන පසන් කස්තුරි මහතා පවසන්නේ තොරතුරු දැනගැනීමේ පනතට අනුව මේ ආකාරයට නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ තොරතුරු එළියට පැමිණීම ප්‍රශ්න සහගත බවයි.
පනතට අනුව අධ්‍යාපන තොරතුරු ලබාගන්නේ නම් තොරතුරු පනතට අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ලිඛිත අවසරයක් ලබාගත් යුතු වුවත් ගවේෂණාත්මක මාධ්‍යවේදිනියකට මෙම තොරතුරු ලබා දීමේ දී එය අනුගමනය කර නැතැයි ද පසන් කස්තුරි මහතා සඳහන් කරනවා.
ඔහු පවස්න්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් හෙළි කළ පමණින් මෙම චෝදනා සත්‍ය නොවන බවත් එය තහවුරු කරන ආයතන වෙත ලබා දිය යුතු බවත් පැවසුවා.
