
නාමල් රාජපක්ෂ ගෙන් අග්‍රාමාත්‍යවරියට ලිපියක්
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් ගංවතුර ගැලීම් හා නායයාම් නිසා රටේ දිස්ත්‍රික්ක ගණනාවක විශාල පිරිසකගේ ජීවිත හානි මෙන්ම දේපල හානි සිදු වී ඇති බැවින් ඉතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කරනවා.
ජලාශ, ගංගා, වැව් අමුණු, ඇලවේලි ඇතුළු අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂි, ධීවර, කර්මාන්ත, ස්වයංරැකියා, සංචාරක, ආනයන-අපනයන, සේවා සහ ව්‍යාපාර ඇතුලු සියලුම ක්ෂේත්‍රයන්ට අදාළව හානි, බලපෑම් සහ විනාශයන් සිදුව ඇති බවත් , මෙයින් ජන ජීවිතවලට මෙන්ම රටේ ආර්ථිකයට ද බරපතල හානි සිදුව ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
ඔහු පවසන්නේ ආපදා හානිය අදටත් නිශ්චිතව ගණනය කළ නොහැකිව ඇති බවයි.
මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවක මහජන නියෝජිතයින් වශයෙන් අප ඉතා ඉක්මනින් වගකීම් සහගතව මැදිහත් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත නාමල් රාජපක්ෂ මහතා යැවූ ලිපියේ සඳහන්.
ඔහු පවසන්නේ දැනටමත් නාමල් රාජපක්ෂ මහතා ඇතුලු පිරිස ප්‍රායෝගිකව ඒ සඳහා මැදිහත්ව සිටින අතර, ජන ජීවිතය සෑම අංශයකින්ම යථාතත්ත්වයට පත්කිරීම සඳහා ආණ්ඩුව විධිමත්ව මීට වඩා මැදිහත් විය යුතු බවට ඔහු විශ්වාස කරන බව ද අග්‍රාමාතයවරියට දැනුම් දෙනවා.
ඒ අනුව, ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් හා අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මහජන නියෝජිතයාගේ වගකීම ඉටුකිරීමට, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 16 යටතේ ඉතා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන මෙන්, පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා තිබෙනවා.
