
නායයාම් අනතුරු ඇගවීමේ නිවේදනය අද මෙහෙමයි
අද (15) ප.ව. 4.00 සිට හෙට (16) ප.ව. 4.00 දක්වා කාලගුණ අනතුරු ඇගවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අනතුරු ඇගවීමේ දෙවන මට්ටම හෙවත් අවදානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ අයගම ප්‍රදේශවල ජනතාවටයි.
කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ජනතාවටත් , මහනුවර දිස්ත්‍රික්කයේ ගග ඉහළ කෝරළය ජනතාවටත් විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර,බුලත්සිංහල,අගලවත්ත,වලල්ලාවිට,මතුගම ජනතාවටත් නායයාම් පිළිබද අවදානයෙන් සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක වුණේ කැගල්ල දිස්ත්‍රික්කයේ දැරනියගල,දෙහිඕවිට,යටියන්තොට ප්‍රදේශවාසීන්ටද නාය යාම් ගැන අවදානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
නුවර එළිය දිස්ත්‍රික්කයේ.අඹගමුව ප්‍රදේශයේ ජනතාවට නායයාමේ අනතුරු ගැන විමසිලිමත් වන්නැයි දන්වා තිබෙනවා.