නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ අද (12) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා වලංගු බවයි

ඒ අනුව අදියර 2 යටතේ පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා

කොළඹ දිස්ත්‍රික්කය:
– සීතාවක
– ⁠පාදුක්ක

කළුතර දිස්ත්‍රික්කය:
– වලල්ලාවිට
– ⁠හොරණ
– ⁠ඉංගිරිය
– ⁠මතුගම
– ⁠දොඩංගොඩ
– ⁠බුලත්සිංහල
– ⁠පාලින්දනුවර
– ⁠අගලවත්ත

ගාල්ල දිස්ත්‍රික්කය:
– ⁠ඇල්පිටිය
– ⁠බද්දේගම
– ⁠නෙළුව
– ⁠නාගොඩ

ගම්පහ දිස්ත්‍රික්කය:
– අත්තනගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:
– රුවන්වැල්ල
– ⁠යටියන්තොට
– ⁠දෙහිඕවිට
– ⁠වරකාපොළ
– ⁠බුලත්කොහුපිටිය
– ⁠කෑගල්ල
– ⁠මාවනැල්ල
– ⁠අරණායක

රත්නපුර දිස්ත්‍රික්කය:
– ඇහැළියගොඩ
– ⁠කිරිඇල්ල
– ⁠අයගම
– ⁠ඇලපාත
– ⁠කලවාන
– ⁠රත්නපුර
– ⁠කුරුවිට

එමෙන්ම අදිරය 1 යටතේ පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා

ගාල්ල දිස්ත්‍රික්කය:
– යක්කලමුල්ල
– ⁠නියගම
– ⁠ඉමදූව
– ⁠වදුරඹ

කළුතර දිස්ත්‍රික්කය:
– බේරුවල

කෑගල්ල දිස්ත්‍රික්කය:
– ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය:
– නාරම්මල
– ⁠පොල්ගහවෙල
– ⁠අලව්ව

නුවර එළිය දිස්ත්‍රික්කය:
– අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කය:
– කහවත්ත
– ⁠ඕපනායක
– ⁠පැල්මඩුල්ල
– ⁠නිවිතිගල

Share This