නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියක් කැබ් රථයක ගැටී ඊශ්‍රායල් ජාතිකයෙක් තුවාල ලබයි

නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගයේ යතුරු පැදියක් කැබ් රථයක ගැටී ඊශ්‍රායල් ජාතිකයෙක් තුවාල ලබයි

ඊශ්‍රායල් ජාතිකයෙකු ගමන් ගත් යතුරු පැදියක් කැබ් රථයක ගැටී ඊයේ (07) අනතුරක් සිදුවී ඊශ්‍රායල් ජාතිකයා බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කළා.

ඊශ්‍රයල් ජාතිකයා ගමන් ගත් යතුරු පැදිය කැබ් රථයේ ගැටිමෙන් තුවාල ලබා ඔහු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ නාවලපිටිය – මහනුවර ප්‍රධාන මාර්ගයේ හරංගල මංසන්ධියෙදියි.

පොලීසිය පැවසුවේ ඊශ්‍රයල් ජාතිකයා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග දිවයිනේ සංචාරයක් සදහා පැමිණ කුලී පදනම මත ලබා ගත් යතුරුපැදි 03 කින් වැලිගම සිට මහනුවර, නුවරඑලිය හරහා ඇල්ල දක්වා යමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවයි.

අධික වේගයෙන් ධාවනය වූ එක් යතුරුපැදියක් වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට ධාවනය කර කැබ් රථයේ ගැටී මෙම අනතුර සිදු වී තිබෙනවා.

Share This