
නාවික හමුදාව මත්ද්‍රව්‍ය කිලෝ 300 ක් අල්ලයි
මත්ද්‍රව්‍ය කිලෝ 300ට අධික ප්‍රමාණයක් සහ ගිනි අවි කිහිපයක් සමඟ සමග යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.
මේ අතර නාවික හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා රුපියල් මිලියන 41 කට වඩා වටිනා කංසා සහිත ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව පවසන්නේ පෙරේදා(30) රාත්‍රියේ යාපනය ඩෙල්ෆ්ට් මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී, ආසන්න වශයෙන් ගංජා කිලෝග්‍රෑම් 185 ග්‍රෑම් 600 ක් ප්‍රවාහනය කරමින් සිටි ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බවයි.
මෙම මෙහෙයුමේදී සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත මුර සංචාර යාත්‍රාවක් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ ප්‍රදේශයේදී මෙම සැක කටයුතු ඩිංගි යාත්‍රාව නිරීක්ෂණය කර සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ගෝනි 06 ක ඇසුරුම් 85 ක අසුරා තිබූ ගංජා කිලෝග්‍රෑම් 185 ග්‍රෑම් 600 ක් පමණ සොයා ගැනීමට සමත්ව තිබුණා.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 සහ 30 ක් වන යාපනයේ මණ්ඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසියට භාර දී තිබෙනවා.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම ගණන් බලා ඇත්තේ රුපියල් මිලියන 41 ඉක්මවන බවයි.


