නාවික හමුදා අභ්‍යාසයකට ඉන්දියාව සහ සෞදිය සැරසෙයි

නාවික හමුදා අභ්‍යාසයකට ඉන්දියාව සහ සෞදිය සැරසෙයි

ඒකාබද්ධ නාවික හමුදා අභ්‍යාසයක් සඳහා ඉන්දියාව සහ සෞදි අරාබිය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දී නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් හා සෞදි රාජකීය නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් මුම්බායි නුවරදී හමුවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සෞදි අරාබියට අයත් පර්සියානු ගල්ෆ් මුහුදු සීමාවට ආසන්න ජුබේල් හිදී පැවැත්වෙන මෙම ඉන්දු – සෞදි නාවික හමුදා අභ්‍යාසය නම් කර ඇත්තේ ‘Al-Mohed-Al Hindi-23’  ලෙසයි.

මෙම නාවික හමුදා අභ්‍යාසය ලබන මැයි මාසයේදී පැවැත්වීමට මේවනවිට සැලසුම් කර තිබෙනවා.

‘Al-Mohed-Al Hindi-23’ හි පළමු අදියර 2021 වසරේ අගෝස්තු මාසයේදී පවත්වා තිබුණා.

2019 වසරේ පැවැති රියාද් සමුළුවේදී එළඹි එකඟතාවකට අනුව ඉන්දියාව සහ සෞදි අරාබිය මෙම ඒකාබද්ධ නාවික හමුදා අභ්‍යාසය පවත්වනු ලබනවා.

Share This