නාසය කඩාගෙනත් රට වෙනුවෙන් සෙල්ලම් කරන Mbappe (VIDEO)

නාසය කඩාගෙනත් රට වෙනුවෙන් සෙල්ලම් කරන Mbappe (VIDEO)

යුරෝ 2024 ප්‍රංශයේ ආරම්භක තරගය අතරතුර Kylian Mbappeගේ නාසය කැඩී අනතුරට ලක්වී තිබෙනවා.

ප්‍රංශ පාපන්දු සම්මේලනය පවසන්නේ Mbappeගේ නාසයට maskඑකක් සාදන බවයි.

කෙසේ වෙතත් ඔහු එළඹෙන සිකුරාදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ක්‍රීඩා කරන්නේද නැද්ද යන්න තවමත් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ (17) ඔස්ට්‍රියාවට එරෙහිව ගෝල 1-0 ක ජයග්‍රහණයක් අත්කරගත් 25 හැවිරිදි Mbappeට ඔහුගේ මුහුණ ප්‍රතිවාදී කෙවින් ඩැන්සෝගේ උරහිසේ වැදීමෙන් පසු තරගයෙන් ඉවත්වීමට සිදුවුණා.

පසුව ඔහුව ඩසල්ඩෝෆ් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු විවේක ගන්නා ලෙසයි වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ.

ප්‍රංශය වෙනුවෙන් තරග 80කදී ගෝල 47ක් රැස්කර ඇති Mbappeව තෙවැනි යුරෝපීය ශූරතාව දිනාගැනීමේ ප්‍රංශයේ බලාපොරොත්තුවට අත්‍යාවශ්‍ය බවයි එරට පාපන්දු සම්මේලනය සඳහන් කරන්නේ.

Share This