
නැගෙනහිර අමෙරිකාවේ ශ්‍රී ලංකා පන්සලක ඉදිවන පළමු චෛත්‍යය
සසුන් කෙත සාරවත් කරමින් නැගෙනහිර අමෙරිකාවේ ශ්‍රී ලංකා පන්සලක ඉදිවන ප්‍රථම චෛත්‍යයේ ඉදිකිරීම් පසුගියදා ආරම්භවුණා.
ඒ මේරිලන්තයේ හේගස්ටවුන්හි වැඩ වෙසෙමින් සුවිශේෂී ශාසනික මෙහෙවරක් සිදුකරන රාජකීය පණ්ඩිත කරපුටුගල ඉන්දරතන නා සමිදුන් විසින් අප්‍රතිහත ධෛර්යයෙන් ඉදිවූ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේදීය.
එහි මුල්ගල්තැබීම සිදුවුණේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමන්ගේ සුරතින්.
වොෂින්ටන් විහරාධිපති මහරගම ධම්මසිරි නා හිමි ප්‍රධාන ස්වාමීන් වහන්සේලාද මේ මහා පුණ්‍ය කර්මයට වැඩම කළ අතර සෑ රදුන් විවෘත කිරීම 2026 වෙසක් උත්සවට සමගාමීව කිරීමට අපේක්ෂා කෙරෙනවා.


