නැප්තා මිල ඉහළ යාමෙන් කැළණිතිස්ස නවතියි (VIDEO)

නැප්තා මිල ඉහළ යාමෙන් කැළණිතිස්ස නවතියි (VIDEO)

කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා ලීටරයක මිල රුපියල් 164 සිට රුපියල් 220ක් දක්වා ඉහළ දැමීම මත විදුලිය නිෂ්පාදනය සඳහා වන පිරිවැය ඉහළ යාම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ වන විට බලාගාරය සතුව තවත් නැප්තා ලිටර මිලියන 1.6ක ප්‍රමාණයක් පවතින බවත් ඉදිරි සතියේදී විදුලි අවශ්‍යතාවය මත එම බලාගාරයේ ජනන කටයුතු යළි ආරම්භ කිරීමට කටයුතු කරන බවද විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

Share This