නිදහස් කළ බහලුම් තුළ තිබුණේ අන්තරාදායක ඖෂධ ? CID යට පැමිණිල්ලක්

නිදහස් කළ බහලුම් තුළ තිබුණේ අන්තරාදායක ඖෂධ ? CID යට පැමිණිල්ලක්

පරීක්‍ෂණයකින් තොරව රේගුව මඟින් නිදහස් කළ බහලුම් තුළ අන්තරාදායක ඖෂධ තිබුණේද යන්න පිළිබඳ නිසි පරීක්‍ෂණයක් ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

රේගු පරීක්‍ෂාවකින් තොරව නිදහස් කරන ලද බහලුම් සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මතුව ඇති අතර ඒවා නිසි පරීක්‍ෂා කිරීමකින් තොරව නිදහස් කළ බවට හා ඒ තුළ නීතිවිරෝධි ද්‍රව්‍ය අඩංගුව තිබූ බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ එලෙස නිදහස් කරන ලද බහලුම් තුළ නීති විරෝධී කිසිවක් අඩංගුව නොතිබූ බවටයි.

එවන් පසුබිමක, නිදහස් කරන ලද බහලුම් තුළ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙරටට ගෙන්වූ අන්තරාදායක ඖෂධ තිබුණේද යන්න පිළිබඳ නිසි පරීක්‍ෂණයක් ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

Share This