නිදා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීම නිසා  සත්ත්වයෙක්ව ඝාතනය කිරීමට නියෝගයක්

නිදා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීම නිසා සත්ත්වයෙක්ව ඝාතනය කිරීමට නියෝගයක්

නයිජීරියානු අධිකරණයක් විසින් සිකුරාදා(07) දිනයේ කුකුළෙකු ඝාතනය කිරීමට නියෝග කර තිබෙනවා

ඒ කුකුළා නිරන්තරයෙන් කෑ ගැසීම පිළිබඳව අසල්වාසීන් දෙදෙනෙකු විසින් කළ පැමිණිල්ලකින් අනතුරුවයි.

උතුරු කැනෝ නගරයේ උසාවිය විසින් නිරන්තරයෙන් කුකුළා කෑගැසීම අසල්වැසියන්ට කරදරයක් ලෙස ප්‍රකාශ කර ඇති බවයි Premium Times ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ

අසල්වැසියෙකු වන යූසුෆ් මුහම්මද් උසාවියට සඳහන් කර තිබෙන්නේ කුකුළා නොනවත්වා කෑගැසීම ඔහුට විවේකීව නිදා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.

මේ අතර කුකුළාගේ අයිතිකරුවන ඉසියාකු ෂුඅයිබු උසාවියට සඳහන් කර ඇත්තේ පවුලේ මංගල්‍යයක් සඳහා මරා දැමීමට රැගෙන ආ බවත් ඒ සඳහා තව කාලය ඇති බවත්ය

මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අවසර දුන් නමුත් කුකුළා ප්‍රදේශයේ සැරිසැරීමෙන් සහ නිවැසියන්ට බාධා කිරීමෙන් වළක්වන ලෙස ඔහුට අවවාද කර තිබෙනවා.

පොරොන්දු වූ පරිදි සිකුරාදා දිනයේදී කුකුළා ඝාතනය කරන බවට සහතික වන ලෙසත්, නැතිනම් දඩයකට මුහුණ දෙන ලෙසත් අයිතිකරුට උසාවියෙන් දැනුම් දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This