නිදැල්ලේ සැරිසරන සිංහ ධේනුවක් නිසා හුදකලා වන බර්ලින් අගනුවර

නිදැල්ලේ සැරිසරන සිංහ ධේනුවක් නිසා හුදකලා වන බර්ලින් අගනුවර

නිදැල්ලේ සැරිසරන කැලෑ සතෙකු නිසා ජර්මනියේ බර්ලින් අගනුවර ආසන්නයේ ඇති බ්‍රැන්ඩන්බර්ග් ප්‍රදේශය කලබල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රැන්ඩන්බර්ග් ප්‍රාන්තයේ පොලිසිය, දඩයම්කරුවන්, පශු වෛද්‍යවරුන් විසින් හෙලිකොප්ටර් දෙකක් සහ කැමරා මගින් වන සතා අල්ලා ගැනීමට උත්සහ කරන බැවින් සුරතල් සතුන් සමගින් නිවෙස්වල රැඳී සිටින ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ.

පසුව මෙම අනතුරු ඇඟවීම බර්ලිනයේ දකුණු ප්‍රදේශවලට දීර්ඝ කරන ලද අතර මෙම සත්වයා සිංහයෙකු බවට සැක කරන බවට නිල අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

පුද්ගලයන් දෙදෙනෙකු පටිගත කර ඇති වීඩියෝවකින් පොලිස් නිලධාරීන්ට එය සිංහයෙකු බවට තහවුරු කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, කිසිදු සත්වෝද්‍යානයක් හෝ සත්ත්ව සංදර්ශන පවත්වන ස්ථානයකින් සතෙකු අතුරුදහන් වූ බවට වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

වසර හතරකට පෙර, 2018 දී, සත්වෝද්‍යානයක සිටි සිංහයන් දෙදෙනෙකු, කොටියන් දෙදෙනෙකු සහ වෘකයන් දෙදෙනෙකු බටහිර ජර්මනියේ ඇති වූ කුණාටුවකින් පසු එම සතුන් සිටි ස්ථානයේ වැටවල් කැඩීයාමෙන් පසු පැනගොස් තිබෙනවා.

කෙසේවෙතත් එම ප්‍රදේශයේ පොලිසිය සිංහයාව කොටු කරගන්නා තෙක් ජනතාවට නිවෙස්වලට වී සිටීමට උපදෙස් දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This